චීන ප්‍රධාන භූමිය සමග ඉහළ යන භූ දේශපාලනික ආතතීන් මධ්‍යයේ, සහයෝගීතාව පූර්ව කොන්දේසිවලින් තොරව සහ විරසක පාර්ශවයන් සමාන ලෙස සලකමින් කටයුතු කළ යුතු බව පවසමින්, තායිවාන අගමැති අගමැති සු සෙන්ග්-චැන්ග් චීනය සමග සාකච්ඡා සඳහා කැඳවා තිබේ.
තායිවානයට චීනය සඳහා දොර වැසීමට අවශ්‍ය නැති බව සූ වාර්තාකරුවන්ට පැවසීය. තායිවාන අගමැතිවරයාගේ මෙම අදහසට පැය කිහිපයකට පෙර, චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් කියා සිටියේ චීනය තායිවානය සමග සාමකාමීව යළි එක්සත් වීමට උත්සාහ කරන නමුත්, ඔවුන් ඉන් බැහැරව යන්නේ නම් චීනයට වෙනත් විකල්පද ඇති බවයි.
විශේෂයෙන්ම බටහිර රාජ්‍යයන් විසින් තායිවානය චීනයෙන් වෙන් කිරීමට උත්සාහ කරමින් සිටින අතර, ඇමෙරිකා එක්සත් ජනපදයද තායිවානය වෙත ආයුද සපයමින් මෙම විරසකය ඇති කිරීම සඳහා කලක පටන් ක්‍රියාකරමින් සිටින බව විචාරකයෝ පෙන්වා දෙති.