තායිවාන දූපත වටා සජීව උණ්ඩ භාවිතයෙන් සිදුවන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ පුහුණුවීම් දිගටම කරගෙන යන බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර අණදෙන නිලධාරියා පවසයි.
එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලෝසිගේ මතභේදයට තුඩුදුන් තායිවාන සංචාරය සමග මෙම යුද අභ්‍යාස ආරම්භ විය.
තායිවානය චීනයේම කොටසක් ලෙස සලකන චීනය එරට වෙත අතපෙවීම් සිදුනොකරන ලෙස බටහිරින් ඉල්ලා සිටියත්, මෙම හදිසි සංචාරය සමග චීනය හා එක්සත් ජනපදය අතර රාජතතාන්ත්රික සබඳතා දැඩි ලෙස පලුදු වූ අවස්ථාවක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී තිබුණි.