තායිවාන වැසියන්ට වසරක අනිවාර්ය හමුදා සේවයක්


තායිවාන තරුණයන්ට මින් පෙර පැවති මාස 4ක අනිවාර්ය හමුදා සේවය වසරක කාලයක් දක්වා දීර්ඝ කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව, එලැඹෙන 2024 සිට වයස අවුරුදු 14ට වැඩි නව යොවුන් වියේ තරුණයන්ගේ සිට මෙම අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුවනු ඇත.

චීනය සමග ඇති විරසකය සමග එරටට එල්ල විය හැකි ඕනෑම ආකාරයක ආක්‍රමණයක් වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ තරුණයන්ට හමුදා සේවය ලබාදීමට එරට තීරණය කර ඇති අතර, ඉදිරියේදී හමුදා සාමාජිකයෙකුට හිමිවන වැටුපද වැඩි කිරීමට තීරණය කර තිබේ.



Recommended Articles