එක්සත් ජනපදය තායිවානයේ බෙදුම්වාදී බලවේගයන්ට සහයෝගය දැක්වීම නැවැත්විය යුතු බවත්, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අවධාරණය කරයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් පිළිබඳ අදහසක් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනිං මේ බව පැවසීය.
තායිවානය චීනයට අයත් බවත් වගකීම් විරහිතව ප්‍රකාශ කිරීමට එක්සත් ජනපදයට හැකියාවක් නැති බවත් හුවා පැවසීය. එක්සත් ජනපද පාර්ශ්වය විසින් කරන ලද අදාළ ප්‍රකාශයන් තම රටවල නියමයන් බරපතල ලෙස උල්ලංඝනය කරවන්නක් බවද චීනය කියයි.
ඇය සඳහන් කළේ එක්සත් ජනපදය සෑහෙන කාලයක සිට තායිවානයට ආයුධ විකිණීමෙන් හා තායිවානය සමග නිල හා මිලිටරි සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් සෘණාත්මක පියවර ගනිමින් සිටින බවයි. තායිවානයේ සහ තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා එක්සත් ජනපද යුද නැව් නිතර යාත්‍රා කිරීම දිගින් දිගටම සිදුවන අතර, මෙම ප්රකෝපකාරී පියවර චීනය-එක්සත් ජනපදය අතර සබඳතා සහ කලාපීය සාමය සහ ස්ථාවරභාවයන් බිඳ දමන බවද චීනය පවසයි.
ඒ අනුව එක්සත් ජනපදය සිය වැරදි නිවැරදි කර ගත යුතු අතර, එක්-චීනයක් මූලධර්මය සහ චීන-එක්සත් ජනපද ඒකාබද්ධ සන්නිවේදන තුනෙහි නියමයන් දැඩි ලෙස පිළිපැදිය යුතු බවත්, තායිවානය හා සම්බන්ධ ගැටලු විචක්ෂණශීලීව හා නිසි ලෙස හසුරුවා ගත යුතු අතර, බෙදුම්වාදී බලවේගයන්ට සහයෝගය දැක්වීම සහ ධෛර්යමත් කිරීම නැවැත්විය යුතු බවත් චීනය වැඩිදුරටත් අවධාරණය කරයි.