තායිවාන දූපත ආසන්නයේ චීනයෙන් හමුදා අභ්‍යාසයන්


චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) නැගෙනහිර විධානය තායිවාන දූපත අවට මුහුදේ සහ ගුවන් සීමාවේ ඒකාබද්ධ සටන්-සූදානම් ආරක්ෂක මුර සංචාර සහ අභ්‍යාස සිදුකර තිබේ.

එය එක්සත් ජනපදය සහ තායිවාන කලාපය අතර සහයෝගීතාව ප්‍රකට කිරීම පිළිබඳ ස්ථිර ප්‍රතිචාරයක් වන බව හමුදා විධානයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂි යී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නැගෙනහිර විධානය විසින් ගන්නා බව ෂි පැවසීය.



Recommended Articles