තායිවාන ජනාධිපතිනියගේ සංචාරයට චීනයේ විරෝධය


තායිවාන ජනාධිපති සායි ඉන්ග්-වෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකිරීමට යන සංචාරය සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධයක් පළ කර තිබේ.

දින 10ක සංචාරයක කොටසක් ලෙස ඇය ඇමෙරිකාව වෙත පැමිණෙන අතර, එම සංචායේදී බ්‍රසීලය සහ ග්වතමාලාව යන රටවලද ඇය සංචාරය කරයි.

ඒ අනුව නැවත සිය රට බලා පැමිණෙන අතරතුර ඇය ලොස් ඇන්ජලීස් නුවරට පැමිණෙනු ඇති බව සඳහන් වෙයි.



Recommended Articles