තායිලන්තයේ හිටපු අගමැති ප්‍රෙම් 98 වැනි වියේදී දිවියෙන් සමුගනියි


තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු මෙන්ම, රාජකීය පවුලට ඉහළ විශ්වාසවන්තභාවයකින් කටයුතු කළ අගමැති ප්‍රෙම් ටින්සුලනොන්ඩා අවුරුදු 98ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.

තායිලන්තයේ දේශපාලනයේ වත්මන් නැඹුරුවට හැරවූ දේශපාලන චරිතය ලෙසද ප්‍රෙම් සැලකෙයි.

හිටපු හමුදා ජෙනරාල්වරයෙකුද වන ඔහු, වර්ෂ 1980 සිට 1988 දක්වා කාල පරිච්ඡේදය තායිලන්තයේ අගමැති ධුරය හෙබවූයේය.

වයස සමග ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු තායිලන්ත රෝහලකදී ජීවිතයෙන් සමුගෙන තිබුණි.

තායිලන්ත ජනතාවගේ හදවතේ රජු ලෙස සැලකෙන භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ අතිශය හිතෛශියෙකු ලෙස ප්‍රෙම් කටයුතු කර තිබුණි.



Recommended Articles