තායිලන්ත ගුහාවක සති දෙකකට වැඩි කාලයක් සිරවී සිට බේරා ගැනුණු වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ දරුවන්ගෙන් බොහෝ පිරිසක් තාවකාලික පැවිද්ද ලැබීමට සූදානමින් සිටිති.
මෙම දරුවන් මෙන්ම, මින් පෙර බෞද්ධ භික්ෂුවක් ලෙස කටයුතු කර තිබූ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුද මේ සමගම තාවකාලික පැවිද්ද ලැබීමට නියමිතවය.
ඒ අනුව, මෙම පිරිස තායිලන්තයේ බෞද්ධ ආරාමයක තාවකාලික පැවිද්ද ලබන මෙම දරුවන් හා පාපන්දු පුහුණුකරු දින නවයක කාලයක් තාවකාලික පැවිද්ද ලබනු ඇති අතර, මෙය තායිලන්තය තුළ සම්ප්‍රදායක් ලෙස පැවත එන්නකි.
විශේෂඥ දෙස් විදෙස් කිමිඳුම්කරුවන් සහ තායි නේවි සීල් භටයන්ගෙන් සැදුම්ලත් පිරිසකගේ දැවැන්ත මෙහෙයුමක් අවසානයේදී සති දෙකක පමණ කාලයක් ගුහාව තුළ සිරවී සිටි මෙම පිරිස බේරාගැනුණි.
පසුව තවත් සතියක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔවුන් පසුගිය සතියේදී රෝහලෙන් නික්ම ගියේ ඔවුන් දැන් සම්පූර්ණ සුවය ලබා ඇති බව පවසමිනි.
මෙම අවස්ථාව මෙම පිරිසගේ ආධ්‍යාත්මික සුවයට වඩාත් සුවිශේෂී අවස්ථාවක් ලෙස තායිලන්ත වැසියෝ විශ්වාස කරති.