පුද්ගලයන් 29 දෙනෙකුට මරු කැඳවමින් තායිලන්තයේදී වියරු වැටුණු හමුදා සෙබලෙකු සිදුකළ වෙඩි තැබීමේ අමිහිරි අත්දැකීම් එම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් අය සිහිපත් කරයි.
තායිලන්තයේ නැකොන් රට්චසිමා ප්‍රදේශයම භීතියට පත්කළ මෙම සිදුවීමේදී ඇතැම් දෙනා වැසිකිලිවල හෝ මේස යට සැඟව සිට දිවි ගලවාගෙන තිබුණි.
ජක්‍රෆන්ත් තොම්මා නමැති හමුදා සෙබලා සෙනසුරාදා දහවල් සිය ප්‍රහාරය ආරම්භ කළ අතර, එය අවසන් වූයේ පැය 16 කට පසුව ඔහුගේ මරණයෙනි.
මේ අතර මියගිය පිරිස් සිහි කරමින් බෞද්ධ ආගමික වතාවත් පැවැත්වූ අතර, තුවාල ලබූවන්ට ඉක්මන් සුවය පතා සෙත් පැතීම්ද සිදුව තිබේ.
ප්‍රහාරය අතරතුර සමාජ මාධ්‍ය තුළ සිය ප්‍රහාරයේ සජීව අත්දැකීම්ද බෙදාගෙන ඇති මොහුගේ මෙම හදිසි කෝපයට ඉඩම් ආරවුලක් හේතුවන්නට ඇති බව අගමැති ප්‍රයූත් චාන්-ඕචා පැවසීය.
මෙම සිද්ධියෙන් තවත් 57 දෙනෙකු තුවාල ලබා ඇති අතර එය තායිලන්තයේ පෙර නොවූ විරූ සංඛ්‍යාවක් බව අගමැතිවරයා පැවසීය.
කෙසේ වෙතත් මෙය තායිලන්තය තුළ සිදුවන මෙවැනි ආකාරයේ ප්‍රථම සහ අවසන් ඛේදවාචකය වන බව අගමැතිවරයා අවධාරණය කළේය.