තායිලන්ත ගුහාවේ මෙහෙයුම ඊයේ අවසන් නොවී නම් මහා විනාශයක්?


තායිලන්ත ගුහාවේ සිරවී සිටි දරුවන් බේරාගැනීමේ මෙහෙයුම ඊයේ (10දා) අවසන් කරගැනීමට නොහැකි වූයේ නම් මහා විනාශයක් ඇතිවීමේ හැකියාවක් පැවති බව තායි බලධාරීහු පවසති.

ඊයේ දවසේදී ඉතිරි දරුවන් 4දෙනා සහ පුහුණුකරු බේරාගැනීම අවසන් අදියරට පැමිණෙන විට එම ගුහා සංකීර්ණයට එක්රැස් වන ජලය ඉවත්කිරීමට යොදා තිබූ නල පද්ධතිය අක්‍රීය වී ඇත.

එම අවස්ථාවේදී වේගයෙන් ඊට ජලය පිරී යනවිට ඉන් අවසන් වරට පිටතට පැමිණි කිමිදුම් කණ්ඩායම් තම ජීවිත බේරාගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වී ඇති බව සඳහන් වෙයි.

තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය තුළ මෙම දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සිරවී තිබුණේ පසුගිය ජූනි 23 වැනිදා වන අතර, එම අඳුරු ගුහාවේ දින 18කට පසුව අවසන් පිරිස ඊයේ මුදාගනු ලැබිණි.

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ කිමිදුම්කරුවෙකු පවසා තිබුණේ ජලය ඉවත්කළ ප්‍රධාන ජල පොම්පය අක්‍රීය වීමත් සමග මෙහෙයුමේ අවසන් කිරීමේ කටයුතුවල නිරත වූන් මෙම අවදානම් තත්ත්වයට මුහුණදී ඇති බවයි.

මෙම සිද්ධිය සිදුවන විට මෙහෙයුමට සම්බන්ධව සිටි කිමිදුම්කරුවන් බොහෝ පිරිසක් ගුහාවෙන් පිටතට පැමිණ සිටි අතර, දරුවන් සමග සිටි හමුදා වෛද්‍යවරයාද පිටතට පැමිණ තිබුණේ වාසනාවකට මෙනි.



Recommended Articles