තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් තවත් තිදෙනෙකු අද (10දා) මේ වනවිට පිටතට රැගෙන විත් ඇති බව විදෙස් වාර්තා පවසයි.
අද ආරම්භ වූ මෙහෙයුම සඳහා නේවි සීල් භටයන් ඇතුළු විශේෂඥ කිමිදුම්කරුවන් 19 දෙනෙකු ගුහා සංකීර්ණය වෙත ඇතුළු වූ බව සඳහන් වෙයි.
ඒ අනුව, මේ වනවිට ගුහාවේ සිරවුණු දරුවන්ගෙන් දරුවන් 11 දෙනෙකු පිටතට ගෙන ඇති අතර, තවත් එක් දරුවෙකු හා ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතී.