තායිලන්ත ගුහාවක් නැරඹීමට ගිය අතුරුදන් දරුවන් තවම හමුවී නෑ


තායිලන්තයේ විශාල ගල් ගුහාවක් නැරඹීමට ගොස් සතියකට වැඩි කාලයක් අතුරුදන්ව සිටින නව යොවුන් වියේ දරුවන් පිරිස සහ ඔවුන්ගේ පාපන්දු උපදේශක සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.

මෙම දරුවන් හා ගුරුවරයා එම ගුහාව තුළ සිරවී සිටිනු ඇතැයි අපේක්ෂිත ස්ථානය ආසන්නයටම මේ වනවිට නාවුක හමුදා කිමිදුම්කරුවන් ළඟාවී ඇති බව සඳහන් වෙයි.

වයස අවුරුදු 11 සිට 16 දක්වා වයස් කාණ්ඩවල දරුවන්ගේ කිසිදු කෑ ගැසීමක් ඔවුන් විසින් සිදුකරන සංඥාවක් හෝ පිළිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් ලැබී නැත.

මෙම භූගත ගල් ගුහාවේ ජල මට්ටම් අධික වර්ෂාවත් සමග ඉහළ යෑම හේතුවෙන් මෙම දරුවන් පිරිස ගොඩැල්ලක් මතට ගොඩවී ආරක්ෂිත සිටිනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතී.

චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් නමැති විශාල ගුහාව තායිලන්තයේ වූ දැවැන්ත ගුහා අතරින් එකක් බව කියැවෙන අතර, එය සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයක් ලෙසද සැලකෙයි.



Recommended Articles