තායිලන්තයේ විශාල ගල් ගුහාවක් නැරඹීමට ගොස් යළි නොපැමිණි නව යොවුන් වියේ ළමයින් පිරිස තවමත් ජීවතුන් අතර සිටින්නේ යැයි විශ්වාස කරන බව එරට නියේජ්‍ය අගමැතිවරයා අවධාරණය කළේය.
වයස අවුරුදු 11 - 16ත් අතර වයසේ පසුවන පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් පසුගිය අඟහරුවාදා ඔවුන්ගේ පුහුණුකරු සමග මෙම විශාල ගල් ගුහාව තුළට පිවිස තිබුණි.
චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් නමැති ගල් ගුහාව තුළ ජල මට්ටම් වේගයෙන් ඉහළ යෑමත් සමග ඔවුන්ට ඉන් පිටතට පැමිණීමට නොහැකි වී ඇති අතර, ඊයේ වනවිට සෝදිසි මෙහෙයුම් පවා මෙම ජලගැලීම් නිසා අසීරු වූ බව සඳහන් විය.
කෙසේ වෙතත්, ගුහාව තුළ පා සටහන් පැවති ඇති බව සෝදිසි කණ්ඩායම් අනාවරණය කරගැනීමත් සමග මෙම පිරිස තවමත් ජීවතුන් අතර සිටින බවට විශ්වාසයක් විය.
නියෝජ්‍ය අගමැති ප්‍රවීත් වොන්ග්සුවොන් මාධ්‍ය වෙත පවසා සිටියේ ඔවුන් නිරුපද්‍රිතව සිටින බවට සියලු දෙනා තවමත් විශ්වාස කරන බවයි.
ඔවුන්ට කෑමට කිසිවක් නොමැති වුවත්, ඔවුන්ට බීමට ජලය ඇති බැවින් ඔවුන්ට තවමත් අනතුරක් නොමැති බව නියෝජ්‍ය අගමැතිවරයාගේ මතය විය.
මෙම ගල් ගුහාව තායිලන්තය වෙත සංචාරකයන් විශාල පිරිසක් ආකර්ෂණය කරන පොළොව අභ්‍යන්තරයට ඇදෙන ගුහාවකි.