උතුරුදිග තායිලන්තයේ ජාතික උද්‍යානයකදී මියගිය වල් මුවෙකුගේ උදරයේ තිබී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7 ක් (රාත්තල් 15) තිබී හමුවූ බව බලධාරීහු පවසති.
මෙම අපද්‍රව්‍ය අතර පිරිමි යට ඇඳුම්, ප්ලාස්ටික් බෑග්, ක්ෂණික කෝපි සැෂේ පැකට් සහ ප්ලාස්ටික් කඹ කොටස් තිබූ බව සඳහන් වෙයි.
කුන් සාතන් ජාතික වනෝද්‍යානයේ නිලධාරියෙකු පැවසුවේ මෙම මුවා මිය යාමට පෙර දිගු කලක් ප්ලාස්ටික් ආහාරයට ගෙන ඇති බවයි.
පසුගිය 25දා මුර සංචාරයේ යෙදී සිටි නිලධාරියෙකු නා නොයි හි උතුරු දිස්ත්‍රික්කයේ කුන් සාතන් ජාතික වනෝද්‍යානයේදී දස හැවිරිදි මෙම පිරිමි මුවා සොයාගෙන තිබුණි.