තායි ගුහාවේදී බේරාගත් දරුවන්ට මැන්චෙස්ටර් පාපන්දු අත්දැකීමක්


තායිලන්තයේ ගුහාවක සිරවී සිට බේරාගැනුණු වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ දරුවන් පිරිස බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක්වෙමින් මැන්චෙස්ටර් යුනයිටඩ් සහ එවර්ටන් අතර පාපන්දු තරගයක් නරඹා තිබේ.

පසුගිය ජූලි මාසයේදී මෙම දරුවන් පිරිස සහ ඔවුන්ගේ පුහුණුකරු දැඩි ගංවතුරට හසුවූ ගුහා සංකීර්ණයේ සිරවී සිටියදී ජාත්‍යන්තරයේද සහාය ඇතිව දැවැන්ත මෙහෙයුමකින් පසුව බේරාගැනුණි.

මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති එඩ් වුඩ්වර්ඩ්ගේ ආරාධනයකින් මෙම දරුවන් පිරිස සහ ඔවුන්ගේ පුහුණුකරු මෙම පාපන්දු තරගය නැරඹීමට පැමිණ ඇත.

එමෙන්ම, එම පාපන්දු කණ්ඩායමේ කළමනාකාර ජෝස් මොවුරිනෝ හමුවී සාකච්ඡා කිරීමටද ඔවුන්ට අවස්ථාවක් උදාවී තිබේ.



Recommended Articles