යුක්රේනය වෙත රුසියානු ආක්‍රමණයක් සිදුවනු ඇතැයි යන භීතිය මධ්‍යයේ කියෙව් අගනුවර සිටින රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය මාරු කිරීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඇතැම් බටහිර රටවල් විවේචනය කළේය.
එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ඇති අතර, යුක්රේනයෙන් ඉවත් වන ලෙස ඔවුන්ගේ පුරවැසියන්ගෙන් ආයාචනා කර ඇත.
ඔස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි සමහර ජාතීන් බටහිර යුක්රේයේ නගරයක් වන ලිවිව්හි ජාත්‍යන්තර දූත මණ්ඩල විවෘත කර ඇති අතර, එක්සත් ජනපදය, ජර්මනිය සහ නෙදර්ලන්තය වැනි තවත් රටවල් කියා සිටියේ ඔවුන් අගනුවරට කොන්සියුලර් කටයුතු සඳහා පැමිණීම අඩු කරන බවයි.
බටහිර රටවල් ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වමින් රුසියාවට වැඩි වාසියක් ලබාදෙන බව හැඟෙන හෙයින් මෙම පියවර යුක්රේන බලධාරීන්ගේ බලාපොරොත්තු සුන්කර ඇත.
"සමහර තානාපති කාර්යාල බටහිර යුක්රේනයට මාරුවීම විශාල වැරැද්දක්. මෙය ඔවුන්ගේ තෝරාගැනීම නම් ගැටලුවක් නැහැ." සෙලෙන්ස්කි පැවසීය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පැවසුවේ, රුසියාව සහ යුක්රේනය අතර උග්‍ර වූ ආතතීන් සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉල්ලා සිටින බවයි.
ගුටරෙස් වත්මන් ආතතීන් පිළිබඳව සිය ගැඹුරු කනස්සල්ල පළ කළ අතර, හමුදාමය ගැටුමක් පිළිබඳ පෙනෙන්නට තිබෙන දේ වැඩිබවද කියා සිටියේය.