ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය එකමුතුවක් ඕනෑ - UN ප්‍රධානී


එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටියේ ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දීම සඳහා වඩාත් බලවත් ප්‍රතිචාර යාන්ත්‍රණයක් ගොඩ නැගීම සඳහා රටවල් අතර එක්සත් විය යුතු බවයි.

අද (10දා) පැවති මාධ්‍ය හමුවකදී ගුටරෙස් පැවසුවේ වර්තමානයේ ත්‍රස්තවාදය නිසා ඇති වන තර්ජනය ගැන තමා තවමත් කනස්සල්ලට පත්ව සිටින බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ගැටලු දෙකක් ඇති බව ඔහු පැවසීය. එනම් සමහර දේශීය ආරක්ෂක සේවාවන්ට තවමත් ත්‍රස්තවාදයට එරෙහිව ඵලදායී ආරක්‍ෂක යාන්ත්‍රණයක් නොමැතිවීම සහ ප්‍රහාරයක් ආරම්භ වූ විට ප්‍රතිචාර දැක්වීමට ප්‍රාදේශීය හමුදා බලකායන් සූදානම්ව නොසිටීම ඒවා බව ඔහු පැවසීය.



Recommended Articles