ත්‍රස්ත ප්‍රහාර අවදානම සමග දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිවරණය පැවැත්වෙයි.
ඡන්ද පොළ ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවට තලේබාන් ත්‍රස්තයන් අනතුරු අඟවා ඇති බැවින් දස දහස් ගණනක් ආරක්ෂක අංශ රට පුරා යෙදවීමට කටයුතු කර තිබේ.
මෙම මස මුලදී තලේබාන් සහ එක්සත් ජනපදය මැදිහත්වීමෙන් පැවත්වූ සාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව මෙම මැතිවරණය පැවැත්වෙන්නේ, ඡන්දය අවස්ථා දෙකකදී කල් දැමුණු පසුබිමකය.
මෙවර මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස තරග වදින්නේ වත්මන් ජනපති අෂ්රෆ් ඝානි සහ ප්‍රධාන විධායක අබ්දුල්ලාහ් අබ්දුල්ලාහ් ය.
ඔවුන් දෙදෙනා 2014 වසරේ සිට ඒකාබද්ධ රජය හවුලේ පාලනය කළ අතර, මෙවර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා බවට පත්ව සිටිති.
මේ අතර, ඡන්දය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසුව දකුණුදිග කන්දාර් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ පිපිරීමක් සිදුවූ අතර, ඉන් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලැබීය.