ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීයව නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ වාර්තාගත වැඩිවීමක් ගෙවීගිය දිනයේදී සටහන් කර ඇති අතර, එය පැය 24 ක් තුළ ආසාදිතයන් 212,326ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම විශාලතම ආසාදිත වර්ධනය සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවේ ආසාදිතයන් ප්‍රධාන වීමෙනි.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව සිද්ධීන් පිළිබඳ වාර්තාගත වැඩිවීමක් සටහන් කර තිබුණේ ජුනි 28 වැනි දිනය. එදින ආසාදිතයන් 189,077ක් සහ මරණ දිනකට 5,000ක් පමණ වාර්තා විය.