තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19


ජෝර්ජියානු අගමැති, පෘතුගාල අගමැති සහ මෝල්ඩෝවා අගමැති ආදී වශයෙන් තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ජෝර්ජියානු අගමැති ඉරාක්ලි ගාරිබාෂ්විලි කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව රජයේ පුවත්පත් කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ අතර, දෙවැනි ධුර කාලය සඳහා නැවත තේරී පත් වූ පෘතුගාලයේ අගමැති ඇන්ටෝනියෝ කොස්ටා, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඔහු දින හතක කාලයක් හුදකලාව සිටිනු ඇතැයි අගමැති කාර්යාලය පවසයි.

එමෙන්ම, මෝල්ඩෝවා අගමැති නටාලියා ගැව්රිලිටා හෙළිකර තිබුණේ තමන්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවයි.

"අද මම SARS-CoV-2 වෛරසය හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණයක් සිදුකළා. එහි ප්‍රතිඵලය ධනාත්මකයි" ඇය සමාජ මාධ්‍යවල සටහන් කර තිබුණේ ඉදිරි දින කිහිපය තුළ නිවසේ සිට වැඩ කරන බවය.



Recommended Articles