තුර්කියේ මලාට්යා පළාතේ අද (27දා) උදෑසන කාලයේදී රික්ටර් පරිමාණ 5.6ක ප්‍රබලත්වයකින් යුතු පසු කම්පනයක් වාර්තා වී තිබේ.
මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 6.96ක් ගැඹුරින් වාර්තා වී ඇති අති බව තුර්කියේ ආපදා හා හදිසි කළමනාකරණ අධිකාරිය පවසා සිටියි.
මීට සති කිහිපයකට පෙර තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූකම්පනය හේතුවෙන් 50,000කට ආසන්නව ජීවිත හානියක් සිදුවිය. මෙය ඉතිහාසයේ තුර්කියේ සිදුවූ තවත් මහා ඛේදවාචකයක් ලෙස සටහන් විය.