ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොවිඩ්-19 ප්‍රතිකාර දෙකක් අනුමත කරන ලද අතර, දරුණු රෝගාබාධ සහ වෛරසයෙන් සිදුවන මරණය වළක්වා ගැනීම සඳහා එන්නත් සමග සෙසු ඖෂධවල අවි ගබඩාව මෙසේ වැඩිදියුණු කර ඇත.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව වන BMJ හි ඔවුන්ගේ නිර්දේශයේ WHO ප්‍රවීණයන් පැවසුවේ දරුණු හෝ අසාධ්‍ය කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආතරයිටිස් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් යොදාගන්නා බවයි. එමගින් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට ගැනීමට සහ ඔහුට කෘත්‍රිම ශ්වසන අවශ්‍යතාව අඩු කිරීමට හේතු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම වයෝවෘද්ධ අය, ප්‍රතිශක්ති ඌනතා ඇති අය හෝ දියවැඩියාව වැනි නිදන්ගත රෝග වැනි රෝහල්ගත වීමේ වැඩි අවදානමක් ඇති එහෙත් බරපතළ නොවූ කොවිඩ්-19 රෝගීන්ට තවත් කෘත්‍රිම ප්‍රතිදේහ ප්‍රතිකාරයක් නිර්දේශ කර ඇත.