තලේබාන් සටන්කාමීන් විසින් සාම ක්‍රියාකාරීන් පැහැර ගෙන


සාමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමකට අයත් ක්‍රියාකාරීන් 27 දෙනෙකු බටහිර ඇෆ්ගනිස්තානයේ ගමන් කරමින් සිටියදී තලේබාන් සටන්කාමීන් විසින් පැහැගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගැටුම් නතර කරන ලෙස ඉල්ලීම් කරමින් මින් දෙසතියකට පෙර 'පීපල්ස් පීස් මූව්මන්ට්' (People's Peace Movement) නම් සාම සංවිධානය හේරාත් පළාතෙන් පෙළපාලියක් ආරම්භ කළද, එම පෙළපාලිය ෆාරාහ් පළාතට ඇතුළුවීමත් සමග එම ක්‍රියාකාරීන් අතුරුදන් වී තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තාලේබාන් සංවිධානය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැත.

තලේබාන් සංවිධානය ඇමෙරිකාව සමග සාම සාකච්ඡාවල නිරත වී සිටියත්, ඇෆ්ගනිස්තානයට සහ ජාත්‍යන්තර හමුදාවලට නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

සාම ක්‍රියාකාරීන් ගමන් කරමින් සිටි මෝටර් රථ හය තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රධාන මාර්ගයකදී නතර කර හඳුනා නොගත් ස්ථානයකට ගෙනගොස් ඇතැයි ෆාරාහ් ප්‍රදේශයේ උප ආණ්ඩුකාරවරයා වන මසූද් බකහ්තවාර් සඳහන් කරයි.



Recommended Articles