තලේබාන් නායක හයිබතුල්ලා අකුන්සාඩා ඇෆ්ගනිස්ථාන විනිසුරුවරුන්ට ප්‍රසිද්ධියේ අත් පා කැපීම් සහ ගල් ගැසීම් ඇතුළු ඇතැම් අපරාධ සඳහා දඬුවම් නියම කරන ලෙස නියෝග කර තිබේ.
ඔහුගේ ප්‍රකාශකයා පැවසුවේ කොල්ලකෑම්, පැහැරගැනීම් සහ දේශද්‍රෝහීත්වය වැනි වැරදි සඳහා ඉස්ලාමීය ෂරියා නීතිය පිළිබඳ කණ්ඩායමේ අර්ථ නිරූපණයට අනුකූලව දඬුවම් කළ යුතු බවය.
වර්ෂ 1990 ගණන්වල බලයේ සිටින විට, තලේබාන්වරුන් ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය ඇතුළු සිදුකළ අතර, එවැනි දඬුවම් ලෝක ප්‍රජාව හෙළා දුටුවේය.
කෙසේ වෙතත්, පසුගිය වසරේ නැවත බලයට පත් වූ විට ඔවුන් වඩාත් මධ්‍යස්ථව පාලනය කිරීමට පොරොන්දු විය.
නමුත් එතැන් සිට සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම නිදහසට එරෙහිව ක්‍රමානුකූලව මර්දනය යළි දියත් කර ඇති අතර, විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කර ඇත.
තලෙයිබාන් සංවිධානයේ උත්තරීතර නායකයා කියා සිටියේ, සිදු කරන ලද අපරාධය එම නීති උල්ලංඝණය කිරීමක් නම්, විනිසුරුවරුන් අපරාධකරුවන්ට ෂරියා නීතිය අනුව දඬුවම් කළ යුතු බවය.
තලේබාන් සංවිධානයේ ප්‍රකාශකද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මුල්ලා අකුන්සාඩා විනිසුරුවරුන් පිරිසක් හමුවීමෙන් පසුව "අනිවාර්ය" විධානය ලැබුණු බවයි.