තලේබාන් ත්‍රස්ත බිය නිසා ඇෆ්ගන් ජනපතිවරණ ඡන්ද ප්‍රකාශය අඩුයිලු


තලේබාන් ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් සහ බෝම්බ ප්‍රහාර මධ්‍යයේ ඇෆ්ගනිස්තාන ජනතාව සිය ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, මැතිවරණ නිරීක්ෂකයන්ට අනුව ඉතා අවම ඡන්ද ප්‍රකාශ කිරීමක් වාර්තා වී ඇති අතර, තලේබාන් ත්‍රස්තයන්ගෙන් එල්ල වූ තර්ජන මීට ප්‍රධාන හේතුව වී ඇත.

තලේබාන් සංවිධානය සහ එක්සත් ජනපදය අතර පැවති සාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව දෙවරක් ප්‍රමාද වූ ජනපිතවරණ ඡන්ද විමසීම මෙසේ සිදුවිය.

මෙවර මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් ජනපති අෂ්රෆ් ඝානි සහ 2014 වසරේ සිටම ඔහු සමග බලය හුවමාරු කරගෙන රට පාලනය කළ ප්‍රධාන විධායක අබ්දුල්ලාහ් අබ්දුල්ලාහ් ය.

මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් 70,000කට අධික ආරක්ෂක බලඇණියක් යොදවා තිබුණත්, මැතිවරණය අතරතුර සිදුවූ බෝම්බ සහ මෝටර් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 80ක් තුවාල ලැබීය. 



Recommended Articles