තලේබාන් කැලන්ඩරේට අලුත් නිවාඩු දිනයක්


අවසන් ඇමෙරිකානු සොල්දාදුවා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වූ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ඇෆ්ගනිස්තානය කටයුතු කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ වත්මන් තලේබාන් පාලකයන් විසින් මෙම තීරණය ගෙන ඇති අතර, විදේශීය හමුදාවන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වූ අගෝස්තු 31දා මෙලෙස රජයේ නිවාඩු දිනයක් බවට පත්කර තිබේ.

කාබුල් නුවර පැරණි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ වූ මසූඩ් චතුරස්‍රයේදී පසුගිය වසරේදී ප්‍රථම වරට මෙම දිනය සැමරුම් දිනයක් බවට පත්වූයේ තලේබාන් සටන්කාමීන් බලයට පැමිණ වසරක් ගතවීමද සමගිනි.

ඒ අනුව 2021 අගෝස්තු 31දා ඇෆ්ගනිස්තානය හැරයන අවසන් විදෙස් සොල්දාදුවා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ මේජර් ජෙනරාල් ක්‍රිස් ඩොන්හෝ ගුවන් යානයට ගොඩවිය.



Recommended Articles