තමිල්නාඩුවේ හිටපු මහ ඇමති මුතුවේල් කරුණානිධි රෝහල්ගත කර ඇති බවත්, ඔහුගේ ආධාරකරුවන් රැසක් රෝහල් පරිශ්‍රය ඉදිරිපිට රැඳී සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
94 වැනි වියෙහි පසුවන කරුණානිධි අවස්ථා පහකදී තමිල්නාඩුවේ මහ ඇමති ධුරය හොබවා ඇති අතර, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසෙයි.
මූත්‍ර මාර්ගයේ ඇති වූ ආසාධන තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ හිටපු මහ ඇමතිවරයාගේ තත්ත්වය මේ වනවිට යම් ප්‍රගතියක් පෙන්වන බව වෛද්‍යවරු පවසති.
කෙසේ වෙතත්, මෙම ප්‍රවෘත්තියෙන් කම්පාවට පත් ඔහුගේ ආධාරකරුවන් සනසවාලීම සඳහා පොලීසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.