තමිල්නාඩුවේ නල ලිං කුහරයක සිරවී සිටින සුජිත් විල්සන් ළදරුවා බේරාගැනීම සඳහා වූ මෙහෙයුම් රාත්‍රියේදීත් අඛණ්ඩව සිදුවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
දරුවා සිරවී සිටින කුහරය ආසන්නයෙන් තවක් කුහරයක් විදීම අරඹා තිබුණු අතර, මේ වනවිට පැය 78ක ආසන්න කාලයක් දරුවා මෙම කුහරය තුළ මරණයත් ජීවිතයත් අතර සටනක නිරත වෙයි.
ඔහු සිරවී සිටින කුහරය අඩි 88ක් පමණ ගැඹුරු වන අතර, දැවැන්ත විදුම් යන්ත්‍ර යොදාගෙන දරුවා සිරවී සිටින කුහරය ආසන්නයේ තවත් කුහර කිහිපයක් විදීම සිදුවන්නේ දැවැන්ත විදුම් යන්ත්‍ර යොදාගනිමිනි.
මේ වනවිට අඩි 65ක් පමණ ගැඹුරට එය හාරා ඇති අතර, අඩි 98ක් පමණ ගැඹුරට හැරීමෙන් පසුව දරුවා පිටතට ගැනීම සැලසුම් කර තිබේ.