ඩෝරියන් කුණාටුව නිසා බහමාස් වැසියන් දූපත් කිහිපයක් හැර යයි


ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් දැඩි අලාභානි සිදුව ඇති බහමාස් දූපත්වලින් පිටව යෑමට එහි වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාව කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

මෙම සතිය ආරම්භයේදී මෙම දූපත් රාජ්‍යයට බැටදුන් සුළි කුණාටුව එරට ප්‍රධාන දූපත් කිහිපයක දැවැන්ත මානුෂීය අර්බුයක් ඇතිකර තිබීම මෙසේ ජනයා එම දූපත් හැර යාමට හේතු වී ඇත.

සිකුරාදා දිනය වනවිට සුළි කුණටුවෙන් මියගිය පිරිස නිල වශයෙන් ප්‍රකාශයට පත්වූයේ 43ක් වශයෙනි. නමුත්, මෙම අගය තව බොහෝ සෙයින් ඉහළ යා හැකි බව කියැවෙයි.

මෙම ස්වභාවික ආපදායෙන් විපතට පත් තවත් බොහෝ දෙනෙකු මෙතෙක් ගලවා ගැනීමට අපොහොසත් වී ඇති අතර, ඔවුන් බොහෝ දෙනෙකුට අවශ්‍ය මානුෂීය ආධාර නොලැබී ඇති බවද කියැවෙයි.

මෙසේ දූපත් හැර යන බොහෝ පිරිස් සුළි කුණාටුවෙන් පසුව ඔවුන්ට ඉතිරි වූ ඇඟලාගෙන සිටින ඇඳුම පමණක් රැගෙන පිටත්ව යන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles