ඩොලර් මිලියන 1.5ක රනින් කළ මුඛ ආවරණයක් සාදවලා


ඊශ්‍රායල ස්වර්ණාභරණ සමාගමක් ලොව වඩාත්ම මිල අධික නව කොරෝනා වෛරස මුඛ ආවරණය නිර්මාණය කර තිබේ.

සුදු රනින් නිමවූ මෙම මුඛ ආවරණය මත දියමන්තිවලින් වැඩදමා ඇති අතර එහි මිල ඇ.ඩො.මිලියන 1.5ක් (රු.කෝටි 28ක් පමණ) බව නිෂ්පාදක සමාගම පවසයි.

කැරට් 18 සුදු රන් ආවරණ, සුදු හා කළු දියමන්ති 3,600කින් සරසා ඇති අතර, මෙය ගැනුම්කරුගේ අණවුම් පරිදි ඉහළම ශ්‍රේණියේ N99 ෆිල්ටර සවි කර ඇති බව නිර්මාණකරු අයිසැක් ලෙවි පැවසීය.

ස්වර්ණාභරණ සමාගමේ හිමිකරු වන ලෙවි පැවසුවේ මෙහි ගැනුම්කරුගෙන් තවත් ඉල්ලීම් දෙකක් ඇති බවය. එය වසර අවසාන වන විට සම්පූර්ණ කළ යුතු බවත් එය ලෝකයේ මිල අධිකම මුඛ ආවරණය වනු ඇති බවත්ය. කෙසේ වෙතත් මෙම මුඛ ආවරණය ඇණවුම් ලබාදුන් ගැනුම්කරු කවුරුන්ද යන්න හෙතෙම හෙළි කළේ නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොව පුරා සෞඛ්‍ය බලධාරීන් විසින් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට හැකි සුදුසුම මෙවලමක් ලෙස මුඛ ආවරණය නිර්දේශ කරයි. එය පැලඳීමෙන් මරණ ලක්ෂ ගණනක් වළක්වා ගත හැකි බවද කියයි. කෙසේ වෙතත් ඔවුන් රනින් කළ හෝ දියමන්ති වැඩ දැමූ මුඛ ආවරණයක් පැලඳිය යුතු බවක් නම් පවසා නැත. එහිදී ශල්‍ය මුඛ ආවරණයක් නොමැති නම්, ස්ථර තුනකින් යුතුව ගෙදරදී සකසා ගත් රෙදි මුඛ ආවරණයක් පවා සුදුසු බව ඔවුන් අවධාරණය කරයි.



Recommended Articles