බයිඩන් පරිපාලනය යුක්රේනය සඳහා ඩොලර් බිලියන 1ක නව යුද ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.
එයට දිගුදුර ප්‍රහාරක ආයුධ, පතොරම් සහ සන්නද්ධ වෛද්‍ය ප්‍රවාහන රථ ඇතුළත් වේ.
එය යුක්රේනය වෙත වොෂිංටනයේ නවතම ආධාර පැකේජය වෙයි. පෙබරවාරි අගදී රුසියාව යුක්රේනයට හමුදා යැවීමෙන් පසු දැනටමත් ඇ.ඩොලර් බිලියන 8.8ක් පමණ ලබා දී ඇත.
රොයිටර් පුවත් සේවයට අනුව, නවතම පැකේජයට HIMARS, NASAMS මතුපිට සිට ගුවනට විදින මිසයිල පද්ධති පතොරම් සහ 50 M113 සන්නද්ධ වෛද්‍ය ප්‍රවාහන රථ ඇතුළත් වේ.
මේ අතර, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විශ්‍රාම වැටුප්, සමාජ සුබසාධන සහ සෞඛ්‍ය සේවා වියදම් සඳහා ගෙවීම් ඇතුළුව, යුක්රේනයේ හදිසි රජයේ අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීම සඳහා අයවැය ආධාර වශයෙන් ඩොලර් බිලියන 4.5ක් ලබාදීමට පොරොන්දු වී ඇත.
ලෝක බැංකුව හරහා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කරන ලද අරමුදල්, අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 3ක මුදලක් ලබා දීමෙන් ආරම්භ වන කොටස් වශයෙන් යුක්රේන රජය වෙත ලැබෙනු ඇති බව USAID පවසයි.