ඩොලර්, යුරෝ සහ පවුමෙන් රුසියාව ඉවතට ගමන් කරයි


ලෝකයට එක්සත් ජනපද ඩොලරය, යුරෝ සහ පවුම කෙරෙහි විශ්වාසය නැති වී යන බවත් රුසියාව මෙම මුදල් භාවිතය ක්‍රමයෙන් අඩු කරන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.

"ඉතිහාසයේ ගමන් මගට ප්‍රතිරෝධය දැක්වීමේ උත්සාහයක් ලෙස, බටහිර රටවල් සියවස් ගණනාවක් තිස්සේ ගොඩනඟා ඇති ලෝක ආර්ථික පද්ධතියේ ප්‍රධාන කුලුණු දෙදරා ගොස් තිබෙනවා" පූටින් පැවසීය.

රුසියාවේ ව්ලැඩිවොස්ටොක් හි පැවති 2022 නැගෙනහිර ආර්ථික සංසදයේ (EEF) පූර්ණ සැසියේ දේශනයක් සිදුකරමින් පූටින් මෙම අදහස් පළ කර ඇත.

"අපේ ඇස් ඉදිරිපිටම, ගෙවීම්, සංචිත, වත්කම් නම් කිරීම සඳහා මුදල් ලෙස ඩොලරය, යුරෝ සහ පවුම් ස්ටර්ලිං පිළිබඳ විශ්වාසය නැති වී යනවා. අපි ක්‍රමක්‍රමයෙන් එවැනි විශ්වාස කළ නොහැකි, සම්මුතිවාදී මුදල් භාවිතයෙන් ඉවත් වෙමින් සිටිනවා" ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles