එක්සත් ජනපදය ධනේශ්වර වෙළෙඳපොළ ආර්ථිකයේ ප්‍රධාන මූලධර්ම උල්ලංඝනය කර ඇති බවත්, එය ගෝලීය දේශපාලන හා ආර්ථික පර්යාය බිඳ දැමීමට සූදානමින් සිටින බව චීනයේ ටයිහේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන වැන්ග් සයිබෑන්ග් පවසයි.
විශේෂඥයාට අනුව, සෞදි අරාබිය මෙන්ම, එක්සත් ජනපදයේ අනෙකුත් හිතවත් රාජ්‍යයන් පවා මෑත වසරවල වොෂිංටනයේ ක්‍රියාවන් ගැන සෑහීමකට පත් වී නැත.
"අද ඇමරිකාව විශ්වාස කළ නොහැකි සහ විශ්වාසය කඩකළ රාජ්‍යයක් බවට පත්වෙලා. රියාද් සහ බීජිං චීන යුවාන් යොදාගෙන බොරතෙල් ගනුදෙනු පිළිබඳ සාකච්ඡා වේගවත් කිරීමටද එය හේතුවක්. මෙම සාකච්ඡා සාර්ථක වුවහොත්, චීන-සෞදි තෙල් සහයෝගීතාව, ජාත්‍යන්තර මූල්‍ය සබඳතා සහ සමස්ත මූල්‍ය අනුපිළිවෙල කෙරෙහි ඒවා ප්‍රබල බලපෑමක් ඇති කරනු නියතයි" ඔහු වැඩිදුරටත් පැවසීය.
"ඩොලරය විශාල කළු කුහරයක් බවට පත් වී ඇති අතර, ඕනෑම අවස්ථාවක, රටවල සහ පුද්ගලයන්ගේ ධනය විනාශ කළ හැකි මෙවලමක් වී තිබෙනවා" ඔහු පැවසීය.
එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ආර්ථිකය වුවද, එහි මුදල් ඒකකයට ප්රමුඛ ස්ථානයක් දිගටම පවත්වා ගැනීමට ස්ථිර හේතුවක් නොමැති බව වැන්ග් පැහැදිලි කළේය.
"මෑත වසරවලදී, එක්සත් ජනපදය අසීමිත ද්‍රවශීලතාව මුදා හැරීම සඳහා නොසැලකිලිමත් ලෙස ඩොලර් ආධිපත්‍යය භාවිත කර තිබෙනවා. එය ලොව පුරා ඩොලර් ප්‍රමාණය වැඩි කිරීමට සහ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවදානම් තියුණු ලෙස වැඩි කිරීමට හේතු වෙලා. විශේෂයෙන්ම, භූ දේශපාලනික අවදානම් නිර්මාණය කිරීමෙන්, එක්සත් ජනපදය භාණ්ඩ මිල ඉහළ යාමක් අවුලුවා ඇති අතරම, ඒ සමගම ඉහළ පොලී අනුපාත අවදානම වැඩිකර තිබෙනවා." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.