ඩොලරය පිනුම් ගසද්දී යූරෝ, යෙන් අර්බුදයක


ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය දශක දෙකකින් නොදුටු ඉහළ යෑමක් කරා යොමුවී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, යුක්රේන යුද්ධය සමග ඇතිවී තිබෙන යුරෝපා බලශක්ති අර්බුදය හමුවේ යුරෝ මුදල් ඒකකය දැඩි අර්බුදයක පසුවෙද්දී, ජපාන මහ බැංකුව වඩාත් ලිහිල් මුදල් ප්‍රතිපත්තියකට යමින් පොලී අනුපාත අඩුකර මුදල් සැපයුම වැඩිකිරීම නිසා යෙන් මුදල් ඒකකයද පිරිහී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය 2002 අගභාගයේ සිට නොපැමිණි ඉහළම මට්ටමක් කරා පැමිණ ඇති අතර, යුරේ අප්‍රේල් මාසයේ මේ දක්වා 4.6%කින් පහත වැටී, 2015 මුල සිට එහි නරකම මාසය කරා ගමන් කරමින් සිටියි.

එමෙන්ම, පෝලන්තය සහ බල්ගේරියාව වෙත ගෑස් සැපයුම කපා හැරීමට රුසියාව ගත් පියවර මත ස්වභාවික ගෑස් මිල ඉහල යන ආකාරයටම, ඩොලර් වලින් මිල කරන ලද බලශක්ති පිරිවැය ඉහළ නංවන බැවින්, යුරෝපයේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රකරනු ඇති බවද කියැවෙයි.



Recommended Articles