තම දිගුකාලීන මිතුරෙකු සහ ව්‍යාපාරිකයෙකු අතින් ඩොමිනිකන් ජනරජයේ පරිසර අමාත්‍ය ඔර්ලන්ඩෝ ජෝර්ජ් මේරා සිය කාර්යාලය තුළදීම වෙඩි තබා මරාදමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
නීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු වන ජෝර්ජ් මේරා හිටපු ජනාධිපති සැල්වදෝර් ජෝර්ජ් බ්ලැන්කෝගේ (1982-86) පුත්‍රයා වූ අතර, 2020 මැද සිට පරිසර අමාත්‍ය ධුරයට පත්විය.
මියයන විට ඔහු 55 වැනි වියෙහි පසුවූ අතර, මෙම ඝාතනය රැස්වීමක් අතරතුර සිදුව ඇති බවත්, බොහෝවිට පෞද්ගලික ආරවුලක් ඝාතනයට හේතුවිය හැකි බවත් සඳහන් වෙයි. වෙඩික්කරු මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.