ඩොන්බාස් ගැටුම විසඳීමට පූටින් සූදානම් - ඔස්ට්‍රියාව


ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහාමර් සඳුදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමඟ පැවති රැස්වීමෙන් ඉවත්ව ගියේ සම්බාධක මධ්‍යයේ පවා යුක්රේනයේ හමුදා ප්‍රහාරය අවසන් කිරීමට පෙර ඩොන්බාස් අර්බුදය විසඳීමට ක්‍රෙම්ලිනයේ අධිෂ්ඨානය දුර්වල නොවන බව ඒත්තු ගන්වමිනි.

"රුසියාවට සම්බාධක දැඩි බව ඔහු පැහැදිලිවම තහවුරු කළා. නමුත් ඩොන්බාස් හි තත්ත්වය, සම්බාධක නොතකා විසඳිය යුතු බවද ඔහු පවසා සිටියා." නෙහාමර්, පූටින්ගේ රැස්වීමෙන් පසුව වාර්තාකරුවන්ට පැවසීය.

පෙබරවාරියේ යුක්රේනයට එරෙහි රුසියානු ප්‍රහාරයෙන් පසු යුරෝපා සංගම් නායකයෙකු සමග පූටින්ගේ පළමු පුද්ගලික හමුව මෙම සාකච්ඡා සනිටුහන් කළේය. මොස්කව් වෙත ගමන් කිරීමෙන් පාලම් තැනීමට බලාපොරොත්තු වන බව නෙහාමර් ප්‍රකාශ කර ඇති අතර, පසුව ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ, ජනාධිපති පූටින් සමඟ මෙම සංවාදය සර්ව සුබවාදීම නොවූ බවයි.

කියෙව් අවටින් සිය හමුදාවන් ආපසු ඇද ගැනීමෙන් පසු රුසියාව නැගෙනහිර යුක්රේනයේ දැවැන්ත පරිමානයෙන් ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය. රුසියානු ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා යුද්ධය අවශ්‍ය බව පූටින් දකින අතර, චාන්සලර්වරයා පැවසුවේ ජාත්‍යන්තර ප්‍රජාව ඒකපාර්ශ්විකව කටයුතු කරන බව පූටින් දකින බවයි.



Recommended Articles