රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ප්‍රකාශ කළේ ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ (ඩීපීආර් සහ එල්පීආර්) දේශසීමාවෙන් ඔබ්බට යුක්රේනය වෙත ප්‍රහාර එල්ල කිරීමට තමන් තීරණය කළේ යුක්රේනයේ ජාතිවාදීන් සහ රැඩිකල්වාදීන් වෙත බටහිරින් අවි ආයුධ, මුදල් වැනි විවිධ සම්පත් නිමක් නොමැතිව සැපයීම වැළැක්වීම සඳහා බවයි. ඒ අනුව රුසියානු හමුදා විසින් ගුවන් ආරක්ෂක සහ ආයුධ ගබඩා වැනි යුක්රේන හමුදාවේ මර්මස්ථාන විනාශ කිරීම මේ වනවිට ප්‍රායෝගිකව සිදුකර ඇති බවද රුසියාව කියයි.
කියෙව් සහ නේටෝවෙන් එන සැබෑ තර්ජනය උදාසීන කිරීම සඳහා යුක්රේනය ආක්‍රමණය කරන ලෙස තමා රුසියානු හමුදාවන්ට පසුගිය සතියේ නියෝග කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මොස්කව් සිය දේශසීමා ආසන්නයේ බටහිර හමුදා යටිතල පහසුකම් නැංවීමට සහ එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් සමග එක්වීමට පැවති යුක්රේනයේ අභිලාෂයන් වෙත දිගු කලක් පුරා විරෝධතා දක්වා ඇත.
"ඔවුන් (යුක්රේනය) නේටෝවට පිළිගන්නා බව වඩාත් ක්‍රියාශීලීව කියන්නට පටන් ගත්තා. මෙහිදී සිදුවන්නේ කුමක්ද? හමුදාමය ගැටුමකදී සන්ධානයේ අනෙකුත් සියලුම සාමාජිකයින් යුක්රේනයට සහාය දිය යුතුයි" පූටින් පැවසීය. "ඔවුන් ක්රිමියාවට පහර දෙනු ඇති. අපට නේටෝව සමග යුද්ධයකට යාමට බල කෙරෙනු ඇති. එහි ප්‍රතිවිපාක ඔබට තේරෙනවාද?" යුක්රේනය මධ්‍යස්ථ මතධාරී රටක් බවට පත් කිරීම තමාට අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.