ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා දෙවැනි එළිසබෙත් රැජින හමුවෙති


බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් බකිංහැම් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින හමුවී තිබේ.

පෞද්ගලික දිවා භෝජනයකට සහ ඔවුන් පිළිගැනීමේ උත්සවය වෙනුවෙන් ජනපති යුවළ බකිංහැම් මාලිගය වෙත පැමිණ ඇත.

එහි පැමිණීමට පෙර ට්‍රම්ප් සහ මෙලානියා වෙස්ට්මිනිස්ටර් අබේ දේවස්ථානයේ වූ හඳුනානොගත් සොල්දාදුවන්ගේ සොහොන් කොත වෙත මල් කලඹ තබා ආචාර කර ඇත.

එමෙන්ම, රාත්‍රියේදී රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ඇමෙරිකානු නායකයා සහ ආර්යාව වෙනුවෙන් සූදානම් කර ඇති බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.

මෙම සංචාරය සඳහා ජනපති යුවළට අමතරව ඔවුන්ගේ දරුවන්ද පැමිණ ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයාගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව ලන්ඩනය ඇතුළු නගර කිහිපයක විරෝධතා පවත්වා තිබේ.



Recommended Articles