නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට පලඳින ලොව වඩාත්ම මිල අධික මුඛ ආවරණය පිටුපස ඇති තර්කය වන්නේ කලාව බව අනාවරණය වී තිබේ.
එක්සත් ජනපදය පදනම් කරගත් නම සඳහන් නොකළ සේවාදායකයෙකු සඳහා ඩොලර් මිලියන 1.5ක වටිනාකමකින් යුතුව මෙම මුඛ ආවරණය නිර්මාණය කරන බව ඊශ්‍රායල ස්වර්ණාභරණ සමාගම පවසයි.
කැරට් 18 රත්රන්වලින් සාදන ලද මෙහි, කළු සහ සුදු දියමන්ති 3,600කින් වැඩදමා ඇති අතර, මුඛ ආවරණයට ඉහළ ආරක්ෂාවක් ලබාදීම සඳහා N99 ෆිල්ටරයක් සවි කර ඇති බව යෙවල් ස්වර්ණාභරණ සන්නාමයේ හිමිකරු අයිසැක් ලෙවි මහතා පවසයි.
"මගේ ගැනුම්කරු මෙය සුපිරි වෙළෙඳ සැලකට මේ මුඛ ආවරණය පැලඳ යනු ඇතැයි කියා නම් මම හිතන්නේ නැහැ. නමුත් ඔහු එහෙ මෙහෙ යනවිට මෙය පලඳින්න පුළුවන්. මට විශ්වාසයි." ලෙවී පැවසීය.
ඔහු තම සේවාදායකයා විස්තර කළේ එක්සත් ජනපදයේ වෙසෙන චීන කලා කෘතීන් එකතු කරන්නෙකු ලෙසය.
නමුත් ඔබට නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට නම් මෙවැනි මිලියන ගණනක් වටිනා මුඛ ආවරණයක් අවශ්‍ය නොවන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර ඇති පරිදි ගෙදරදී රෙදිවලින් සකසාගත් ස්ථර තුනකින් යුතු මුඛ ආවරණයක් වුවද සෑහේ.