ඩෙල්ටාවට වඩා දරුණු නව වෛරස ප්‍රභේදය ලැම්බ්ඩා?


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කොරෝනා වෛරස ප්‍රභේද ලැයිස්තුවට එකතු කර ඇති නවතම ප්‍රභේදය වන ලැම්බ්ඩා, දැනට අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදයක් විය හැකි බවට අවධානය යොමුකර තිබේ.

ප්‍රථම වරට පේරු රාජ්‍යයේදී හඳුනාගෙන ඇති මෙම ලැම්බ්ඩා ප්‍රභේදය, 2020 දක්වා දිවෙන කොරෝනා වෛරස සාම්පලවලින් අනාවරණය කරගෙන ඇත.

පේරු රාජ්‍ය පුරා ව්‍යාප්ත වී ඇති මෙම ප්‍රභේදය මුලින් C-37 පරාම්පරාව ලෙසද සැලකුණු අතර, එය පසුගිය මාස දෙකක කාලය තුළ එරට ආසාදනවලින් 82%කට පමණ හේතු වී තිබුණි.

මෙම නව ප්‍රභේදය දැන් දකුණු ඇමෙරිකාවේ ආසාදිතයන් වැඩි රටවල් රැසක වඩාත් ව්‍යාප්ති වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම කාල රාමුව තුළදීම චිලී රාජ්‍යයේද වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් තුනෙන් එකකට පමණ හේතු වී ඇත්තේ මෙම ලැම්බ්ඩා ප්‍රභේදයයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේද සුළු වශයෙන් සිද්ධීන් දැක ඇති අතර, ජුනි මස මැද භාගයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය මුලින් අවධානය යොමුකළ යුතු ප්‍රභේදයක් ලෙස සලකා ඇත.

මෙම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වැනි අධික සම්ප්‍රේෂණයක් සහිත ප්‍රභේදයන්ට වඩා වැඩි සම්ප්‍රේෂණයක් මෙන්ම, දරුණු රෝගාබාධ හෝ දැනට පවතින එන්නත්වල ආරක්ෂාව මගහැරීමට හේතු විය හැකි බවද විද්‍යාඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත් තවමත් එවැන්නක් ප්‍රකාශ කිරීමට ඉක්මන් වැඩි බවද තවත් විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මන්දයත් යම් වෛරස ප්‍රභේදයක සම්ප්‍රේෂණ හැකියාව වැඩි වීම අනිවාර්යයෙන්ම ප්‍රභේදයක් වඩා මාරාන්තික යැයි අදහස් නොකොරෙන බැවිනි.

ලැම්බඩා ප්‍රභේදයේ තර්ජනයේ ස්වභාවය තක්සේරු කිරීම සඳහා වැඩිදුර අධ්‍යයනයන් හා පසු විපරම් අවශ්‍ය බව මහජන සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටින අතරම, මේ අවස්ථාවේදී ඕනෑම ප්‍රභේදයකින් ආරක්ෂා වීමට කොවිඩ්-19 මර්දන එන්නතක් ලබාගැනීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කරයි. ඒ අනුව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති සෑම එන්නතක්ම සෑම කොවිඩ්-19 වෛරස ප්‍රභේදයකටම එරෙහිව ඵලදායී බැවින් නොපමාව ඔබේ එන්නත් මාත්‍රාව ලබාගැනීම වැදගත් බවද විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.



Recommended Articles