ඩෙල්ටා ප්‍රභේදයට ඉතාලියේ සියයට 95ක ආධිපත්‍යයක්


කොරෝනා වෛරසයේ ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉතාලියේ ආධිපත්‍යය ලබාගෙන ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනය අද (30දා) ප්‍රකාශ කළ අතර, ජූලි 20දා වනවිට වාර්තා වන ආසාදිතයන්ගෙන් 94.8%ක්ම ඩෙල්ටා ආසාදිතයන් බව පවසයි.

"වර්තමානයේ ප්‍රමුඛතම ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම අපේක්‍ෂා කරනවා. යුරෝපීය දත්තවලට අනුකූල ඉතා කඩිනමින්හා ක්‍රමානුකූලව ආසාදිතයන් සොයාගැනීම සහ එන්නත් කිරීමේ චක්‍රය හැකි ඉක්මනින් අවසන් කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා" යනුවෙන් ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනයේ සභාපති සිල්වියෝ බ්‍රසුෆෙරෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



Recommended Articles