ඩෙල්ටා ප්‍රභේදය නිසා සිඩ්නි තවත් සතියක් ලොක්ඩවුන්


ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහ ඇමතිනිය අද (07දා) සිඩ්නි හි කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන ලෙස නියෝග කළේය. රටේ විශාලතම නගරය අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සමග පොරබදිමින් සිටින නිසා නව ආසාදන ඉහළ යනු ඇතැයි යන අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් වාසය කරන සිඩ්නි නගරයේ එන්නත්කරණය ප්‍රමාදවූ පසුබිමක, පසුගිය ජුනි 26 වැනි දින ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග සීමාවන් දැඩි කිරීමට නිලධාරීන් පොළඹවනු ලැබිණි. ඒ අනුව නිවසේ රැඳී සිටීමේ දැඩි නියෝග සිකුරාදා අවසන් වීමට නියමිතව තිබූ නමුත් දැන් එය ජූලි 16දා දක්වා ක්‍රියාත්මක වේ.

"මෙම ඩෙල්ටා ප්‍රභේදය වසංගතයට එරෙහි ක්‍රීඩාව වෙනස් කරන්නෙකු වන අතර, එය අප දැක ඇති වෙනත් ඕනෑම වෛරසයකට වඩා අතිශයින්ම සම්ප්‍රේෂණය කළ හැකි හා බෝවන වෛරසයක් බව තහවුරු කර තිබෙනවා" මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් සිඩ්නි නුවරදී වාර්තාකරුවන්ට පැවසීය.



Recommended Articles