එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් කරන ලද දත්ත ආකෘතිකරණයට අනුව ඩෙල්ටා ප්‍රභේදය දැනටමත් එක්සත් ජනපදයේ කොවිඩ්-19 හි ප්‍රමුඛතම ප්‍රභේදය බව හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය ඒජන්සියේ ඇස්තමේන්තුවලට අනුව, ජූලි 3දායින් අවසන් වූ සති දෙක තුළ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ප්‍රමුඛස්ථානයට පත්ව ඇති අතර, ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් මෙම ප්‍රභේදය, හඳුනාගත් ආසාදිතයන්ගෙන් 51.7%ක් සම්බන්ධ වී තිබේ.
ඇල්ෆා ප්‍රභේදය හෙවත්, බ්‍රිතාන්‍යයේ ප්‍රථම වරට හඳුනාගෙන තිබූ ප්‍රභේදය මේ වන විට එක්සත් ජනපදය තුළ ආසාදිතයන්ගේ අනුපාතය 28.7%ක් දක්වා පහත වැටී ඇත.