ඩෙල්ටා ඇමෙරිකාව පුරා පැතිරීම වේගවත් වෙලාලු


ඩෙල්ටා ප්‍රභේදය එක්සත් ජනපදය පුරා පැතිරීම වේගවත් කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි. සති දෙකකට පෙර පැවති ආසාදිතයන් සංඛ්‍යාව 76%කින් ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 92%කින් ඉහළ ගොස් තිබේ.

ෆ්ලොරිඩා, ටෙක්සාස් සහ ජෝර්ජියාද ඇතුළුව එක්සත් ජනපද දකුණුදිග ප්‍රාන්ත 8ක ආසාදන පුදුම සහගත ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙම ප්‍රාන්තවලින් වාර්තා වන ආසාදිතයන් එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝහල් ගත කිරීම්වලින් අඩක් පමණ වන බවද කියයි.

විශේෂයෙන්ම එක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත් ලබාදීමේ ජාතික මට්ටමේ සාමාන්‍යයට වඩා මෙම ප්‍රාන්ත අටම පසුගාමී තත්ත්වයක පැවතීමද මෙසේ ආසාදන වැඩිවීමට හේතු වී තිබේ.



Recommended Articles