ඩෙල්ටා ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළටත් පහර දෙයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදනයන් යළිත් ඉහළයෑමේ ප්‍රවණතාවක් ඇතිවීම නිසා අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වසංගතය යළි හිස ඔසවනු ඇතැයි යන බිය හමුවේ ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ තුළ පවා අද (19දා) දිනයේ දැඩි කම්පන තරංග දැකගත හැකි විය.

එහිදී ආයෝජකයන් විසින් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ රට යළිත් වසා දැමීම් සහ ආර්ථික ප්‍රකෘතිය දිග්ගැස්සෙනු ඇති බවට බිය පළ කර ඇත.

ඒ අනුව එක්සත් ජනපද ප්‍රධාන කොටස් දර්ශක තුනම තියුණු ලෙස පහළ වැටුණු අතර එස් ඇන්ඩ් පී සහ නැස්ඩැක් මැයි මැද සිට ඒවායෙහි විශාලතම දෛනික පහත වැටීම පෙන්නුම් කර තිබුණි. එසේම බ්ලූ-චිප් ඩව් මාස නවයකට ආසන්න කාලයක් තුළ එහි නරකම දිනය වාර්තා කළේය.

චිකාගෝ හි කිංස්වීව් වත්කම් කලඹේ කළමනාකරු පෝල් නොල්ටේ පැවසුවේ "කොටස් වෙළෙඳ පොළවල පහළ යෑම්වලින් වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා හා සම්බන්ධයි. සමහර විට ආර්ථිකය සෑම කෙනෙකුම සිතන තරම් ඉක්මනින් විවෘත නොවනු ඇතැයි සිතනවා විය හැකියි. අපේ බිඳවැටුණු ආර්ථික වර්ධනයෙන් දුක්ඛිතයි. ඒ වගේම දැනට වූ ක්‍රියාකාරකම් අනුව විනිශ්චය කර ඇත්තේ, අප බොහෝ ආර්ථික වාර්තා අධිතක්සේරු කර ඇති බවයි" යනුවෙනි.

ලොව පුරා කොවිඩ්-19 වෛරසයේ ප්‍රමුඛතම ප්‍රභේදය ඩෙල්ටා බවට මේ වනවිට පත්වෙමින්, නව ආසාදන හා මරණ වැඩිවීමට එය හේතු වී ඇත. ජනතාවගෙන් සැලකිය යුතු වැඩි ප්‍රතිශතයක් වෙත හැකි ඉක්මණින් එන්නත් ආරක්ෂාව ලබාදීම පිළිබඳ රටවල් වැඩි උනන්දුවක් දක්වන්නේ මෙම ඩෙල්ටා ප්‍රභේදය නිසාය.



Recommended Articles