වසර 30කට පසු යුරෝපා සංගමයේ පොදු ආරක්ෂක ප්‍රතිපත්තියට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඩෙන්මාර්කය තුළ ජනමතවිචාරණයක් පවත්වා තිබේ.
ඒ අනුව, ඊට පක්ෂව 67%ක් ඡන්දය ලබාදෙමින්, ඩෙන්මාර්ක ජනතාවගෙන් අති බහුතරයක් ඊට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇත.
"අද රාත්‍රියේ ඩෙන්මාර්කය ඉතා වැදගත් සංඥාවක් යවා තිබෙනවා" ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් ආධාරකරුවන්ට පැවසීය.