ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, මෘදු රෝග ලක්ෂණ පමණක් අත්විඳින බව රාජකීය මාලිගාව නිවේදනය කරයි.
නොවැම්බර් මාසයේදී එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් 81 හැවිරිදි රැජින අඟහරුවාදා සවස ධනාත්මක බව පරීක්ෂා කළ අතර, ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බව එරට රාජකීය මාලිගාව නිකුත්කළ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙයි.
මෑතකදී සිංහාසනයේ 50 වසර සැමරූ එරට ජනප්‍රිය රැජින, මෙසේ ආසාදිතයෙකු වීම නිසා ඇය නෝර්වේ වෙත සැලසුම් කර තිබූ නිවාඩු සංචාරයක්ද අවලංගු කළාය. ඒ අනුව වර්තමාන සෞඛ්‍ය නිර්දේශ යටතේ කෝපන්හේගන් හි පිහිටි සිය මාලිගාවේ හුදෙකලාව සිටින බව කියයි.
පසුගිය සතියේ සියලුම ගෘහස්ථ වෛරස් සීමාවන් ඉවත් කළද, ඩෙන්මාර්ක බලධාරීන් තවමත් කොවිඩ්-19 රෝගීන් අවම වශයෙන් දින හතරක්වත් හුදකලා කිරීමට නිර්දේශ කරයි.
ඩෙන්මාර්කය තුළ වාර්තාගත මට්ටමේ නව අවස්ථා තිබියදීත් "අපි දන්නා ජීවිතයට නැවත පැමිණීම" යනුවෙන් සීමාවන් ඉවත් කළේ, රට තුළ ඉහළ එන්නත් අනුපාතයක් ලබාදී තිබීමත්, ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තරම් දරුණු නොවූ නිසාත් බවට තර්ක කළේය.