බහුලව ඇති ස්ටෙරොයිඩ් ඖෂධයක් වන ඩෙක්සමෙතසෝන් කොරෝනා වෛරස මරණ අඩුකරන බවට වන පුවත සිත් ඇදගන්නා සුලු වුවද, සම්පූර්ණ අධ්‍යයනයකින් තොරව ඒ පිළිබඳ නිශ්චිත බවක් ලබාදීම පරිස්සමින් කළ යුතු දෙයක් බව විශේෂඥයෝ පවසති.
බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් ඊයේ වාර්තා කළේ ලාභදායී හා පුළුල් ලෙස ලබා ගත හැකි ස්ටෙරොයිඩ් ඖෂධයක් වන ඩෙක්සමෙතසෝන් රෝහල්ගතව ශ්වසන උපකරණ පිහිටෙන් සහ ඔක්සිජන් ලබාදෙමින් අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ්-19 රෝගීන් අතර මරණ අවදානම තුනෙන් එකකින් අඩු කරන බවයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ සොයාගැනීම් පිළිබඳ තොරතුරු සම-සමාලෝචනය කරන ලද වෛද්‍ය සඟරාවක තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව හාවඩ් ග්ලෝබල් හෙල්ත් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අෂිෂ් ජා කියා සිටියේය. එනම්, සම්පූර්ණ අධ්‍යයනයකින් තොරව ඒ පිළිබඳ නිශ්චිත බවක් ලබාදීම පරිස්සමින් කළ යුතු දෙයක් විශේෂඥ මතය වී තිබේ.
ප්‍රතිවෛරස ඖෂධයක් වන රෙමෙඩිසයිර් වලට වඩා ඩෙක්සමෙතසෝන් දැනටමත් ලොවපුරා ඖෂධ ගබඩාවල සහ රෝහල්වල බහුලව තිබේ. එබැවින් එය ඉතා ඉක්මණින්, ඉතා ඵලදායී ලෙස හා ඉතා ලාභදායී ලෙස භාවිත කළ හැකි ඖෂධයක් ලෙස බ්‍රිතාන්‍ය පර්යේෂකයන් හඳුන්වා දී තිබේ.