ඩෙක්සමෙතසෝන් කොවිඩ් ප්‍රතිකාරයක් නොවේ - බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් පවසා සිටියි


නව කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිකාරයක් ලෙස මතුව ඇති ස්ටෙරොයිඩ් ඖෂධයක් වන ඩෙක්සමෙතසෝන් සෑම කෙනෙකුටම බලාපොරොත්තු දැල්වූ ප්‍රවෘත්තියක් වුවද එය ප්‍රතිකාරයක් නොවන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් අවධාරණය කරයි.

ඉතා පහසුවෙන් හා අඩු මිලකට සපුරාගත හැකි ඩෙක්සමෙතසෝන් අඩු මාත්‍රාවක් රෝහල්ගතව සිටින රෝගීන් අතර තුනෙන් එකකගේ මරණ අවදානම අවම කර ඇති බව සොයාගෙන ඇතැයි පසුගියදා එක්සත් රාජධානියේ පර්යේක්ෂකන් පිරිසක් අනාවරණය කළේය.

ස්කයි නිව්ස් වෙත අදහස් දක්වමින් හැන්කොක් පැවසුවේ, "මෙය සැබවින්ම හොඳ ප්‍රගතියක්, මෙම සමස්ත අර්බුදය තුළම අපට ලැබී ඇති හොඳම ප්‍රවෘත්තිවලින් එකක්. නමුත් එය කොවිඩ් ප්‍රතිකාරයක් නොවෙයි." යනුවෙනි.

ඒ නිසා මේ වනවිට වැදගත් වන්නේ එක්සත් රාජධානිය තුළ වෛරසය ක්‍රමයෙන් පාලනය කර ඇති පසුබිමක වෙනත් රටවලින් වෛරසය ආනායනය නොකර සිටීමට වගබලා ගැනීම බව හැන්කොක් අවධාරණය කළේය.



Recommended Articles