ඩෙංගු පාලනයට කඩිනම් පියවර WHO ඉල්ලා සිටියි


බංග්ලාදේශයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

විශේෂයෙන්ම මදුරු විකර්ෂක භාවිතය සහ ශරීරය වැසෙන ඇඳුම්වලින් සැරසීම හරහා මදුරු දෂ්ඨනය වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසද එම සංවිධානය පවසයි.

පසුගිය ජූනි මාසයේ සිට බංග්ලාදේශය තුළ මෙම ඩෙංගු අධි අවදානම් තත්ත්වය පවතින අතර, මේ දක්වා ඩෙංගු රෝගීන් 69,483දෙනෙකු සහ මරණ 327ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙම වසරේ ජනවාරි 01දා සිට අගෝස්තු 07දා දක්වා ඩෙංගු රෝගීන්ට සාපේක්ෂව මරණ අනුපාතය 0.47ක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.



Recommended Articles